Search Arunalu Technics

Sunday, August 30, 2015

අර්ඩ්යුනෝ බූට්ලොඩර් එක ලේසියෙම්ම බර්න් කරමු Simple way to Burn an Arduino Bootloader for ATMEGA328.

ගොඩක් අයට අර්ඩ්යුනෝ භාවිතයේදී මුහුණ දීමට වන ගැටළුවක් වන්නේ බූට්ලොඩර් එක බර්න් කිරීමට අපහසු වීමයි මෙහිදේ නොයෙක් වෙබ් අඩවි වල නොයෙක් ආකාරයේ ක්‍රම සහ විදි තිබුනත් සමහර ඒවා අසාර්ථක වෙනවා එක එක එරර් එනවා තව සමහර ක්‍රම සාර්ථක වුවත් ඒවා ඉතා සංකීර්ණ ක්‍රම වේ.
එමනිසා මා වෙසින් මේ ලිපිය ඉදිරිපත් කරමි.

මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය :-

*ඔබට බූට්ලොඩර් එක දැමීමට අවශ්‍ය ATMEGA328 එක.
*Arduino UNO R3 එකක්.
*සම්බන්දක වයර්.
*ව්‍යාපෘති පුවරුවක්.
*පරිගණකයක්.
*අර්ඩ්යුනෝ අතුරුමුහුණත 1.6 හෝ ඊට පසු සංස්කරණයක් අවශය නම් මෙතනින් ගන්න
*16Mhz X-tal Oscillator  එකක්.
*22pf Capasitor දෙකක්.


ඉන්පසු Arduino UNO R3 එක පරිගණකයට සම්බන්ද කර අතුරු මුහුණතෙන් පහත පරිදි Examples>ArduinoISP කියන කොඩ් එක අප්ලෝඩ් කරගන්න
Arduino UNO R3 එක පරිගණකයෙන් විසන්දි කර ඉන්පසු සටහනේ පරිදි පරිපථය සකාසාගන්න.
ඉන් පසු නැවත  Arduino UNO R3 එක පරිගණකයට සම්බන්ද කර පහත රූපවලින් දැක්වෙන පියවර කීපය  අනුගමනය කරන්න. මෙසේ සිදුකල විට නිවැරදි ප්‍රතිචාර නොලැබුනොත් සියල්ල නැවත සුක්ෂමව පරික්ෂ කරන්න මෙය 100% සාර්ථකව අත්හදබලා ඇතිබව කරුණාවෙන් සලකන්න.




මින් පසුව Arduino UNO R3 එකේ ඇති ATMEGA328.එක  ගැලව නව ATMEGA328.එක දමා LED Blink එක අප්ලෝඩ් කරගන්න.සැ.යු :- මෙහි අඩංගු පරිපත සටහන හැර an සියල්ල මා විසින් මෙය සිදුකරන අතරතුර ගන්නා ලද ඡායරුප වේ.

Saturday, August 29, 2015

පරණ මවුස් (Mouse) එකකින් දුර මනින සෙන්සර් එකක් හදාගනිමු optical mouse odomiter

අපිට   භාවිතයෙන් ඉවත දැමු ඔප්ටිකල් මවුස එකකින් සහ අර්ඩ්යුනෝ උනො එකක් භාවිත කරලා සරලව ඉතාම නිවරද්‍යතාවයෙන් යුතුව දුරක් මැනගත හැකි පරිපථයක් මෙයින් ඉදිරිපත් කෙරේ. මෙය රොබෝ තාක්ෂනය හදාරන මගේ මිතුරන්ට වැදගත් වන නිසා මෙසේ පල කර සිටිමි.

අවශ්‍ය ද්‍රව්‍ය :-
*A Arduino UNO එකක්
*පරණ  Optical Mouse එකක් (පරිපථය ක්‍රියකරන වයර් එක කැඩුණු එකක් වැනි )
*Connecting wires
*PC පරිගණකයක්
*Arduino IDE අර්ඩ්යුනෝ අතුරුමුහුණත ඕනනම් මෙතනින් ගන්න
*Library file මෙතනින් ගන්න සියල්ලම
*A Soldering Iron විදුලි පාහනයක්
*Soldering Wires  පසසන ඊයම් කම්බි
*A Paper Knife පොඩි කඩදාසි කපන පිහියක්

ඔන්න ඔය ටික හොයාගෙන මෙන්න මේ පහල තියන පින්තුර වල ක්‍රමයට වැඩේ කරන්න මෙය මා විසින් 100% සාර්ථකව අත්හදා බලා ඇත. කිසියම් ගැටළුවක් ඇති වුවහොත්  Facebook මගින්  Udana Arunalu Dissanayake හෝ මගේ විද්‍යුත් තැපෑල මගින් කරුණු විමසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. සැ.යු :- මෙහි දක්වා ඇති සටහනේ දම් සහ නිල් වයර් සම්බන්දිත අග්‍ර පපෙර් නිෆ් එක බාවිතයෙන් මොඋසයේ පරිපතයෙන් වෙන් කරන්න