Search Arunalu Technics

Sunday, August 30, 2015

අර්ඩ්යුනෝ බූට්ලොඩර් එක ලේසියෙම්ම බර්න් කරමු Simple way to Burn an Arduino Bootloader for ATMEGA328.

ගොඩක් අයට අර්ඩ්යුනෝ භාවිතයේදී මුහුණ දීමට වන ගැටළුවක් වන්නේ බූට්ලොඩර් එක බර්න් කිරීමට අපහසු වීමයි මෙහිදේ නොයෙක් වෙබ් අඩවි වල නොයෙක් ආකාරයේ ක්‍රම සහ විදි තිබුනත් සමහර ඒවා අසාර්ථක වෙනවා එක එක එරර් එනවා තව සමහර ක්‍රම සාර්ථක වුවත් ඒවා ඉතා සංකීර්ණ ක්‍රම වේ.
එමනිසා මා වෙසින් මේ ලිපිය ඉදිරිපත් කරමි.

මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය :-

*ඔබට බූට්ලොඩර් එක දැමීමට අවශ්‍ය ATMEGA328 එක.
*Arduino UNO R3 එකක්.
*සම්බන්දක වයර්.
*ව්‍යාපෘති පුවරුවක්.
*පරිගණකයක්.
*අර්ඩ්යුනෝ අතුරුමුහුණත 1.6 හෝ ඊට පසු සංස්කරණයක් අවශය නම් මෙතනින් ගන්න
*16Mhz X-tal Oscillator  එකක්.
*22pf Capasitor දෙකක්.


ඉන්පසු Arduino UNO R3 එක පරිගණකයට සම්බන්ද කර අතුරු මුහුණතෙන් පහත පරිදි Examples>ArduinoISP කියන කොඩ් එක අප්ලෝඩ් කරගන්න
Arduino UNO R3 එක පරිගණකයෙන් විසන්දි කර ඉන්පසු සටහනේ පරිදි පරිපථය සකාසාගන්න.
ඉන් පසු නැවත  Arduino UNO R3 එක පරිගණකයට සම්බන්ද කර පහත රූපවලින් දැක්වෙන පියවර කීපය  අනුගමනය කරන්න. මෙසේ සිදුකල විට නිවැරදි ප්‍රතිචාර නොලැබුනොත් සියල්ල නැවත සුක්ෂමව පරික්ෂ කරන්න මෙය 100% සාර්ථකව අත්හදබලා ඇතිබව කරුණාවෙන් සලකන්න.




මින් පසුව Arduino UNO R3 එකේ ඇති ATMEGA328.එක  ගැලව නව ATMEGA328.එක දමා LED Blink එක අප්ලෝඩ් කරගන්න.සැ.යු :- මෙහි අඩංගු පරිපත සටහන හැර an සියල්ල මා විසින් මෙය සිදුකරන අතරතුර ගන්නා ලද ඡායරුප වේ.

Saturday, August 29, 2015

පරණ මවුස් (Mouse) එකකින් දුර මනින සෙන්සර් එකක් හදාගනිමු optical mouse odomiter

අපිට   භාවිතයෙන් ඉවත දැමු ඔප්ටිකල් මවුස එකකින් සහ අර්ඩ්යුනෝ උනො එකක් භාවිත කරලා සරලව ඉතාම නිවරද්‍යතාවයෙන් යුතුව දුරක් මැනගත හැකි පරිපථයක් මෙයින් ඉදිරිපත් කෙරේ. මෙය රොබෝ තාක්ෂනය හදාරන මගේ මිතුරන්ට වැදගත් වන නිසා මෙසේ පල කර සිටිමි.

අවශ්‍ය ද්‍රව්‍ය :-
*A Arduino UNO එකක්
*පරණ  Optical Mouse එකක් (පරිපථය ක්‍රියකරන වයර් එක කැඩුණු එකක් වැනි )
*Connecting wires
*PC පරිගණකයක්
*Arduino IDE අර්ඩ්යුනෝ අතුරුමුහුණත ඕනනම් මෙතනින් ගන්න
*Library file මෙතනින් ගන්න සියල්ලම
*A Soldering Iron විදුලි පාහනයක්
*Soldering Wires  පසසන ඊයම් කම්බි
*A Paper Knife පොඩි කඩදාසි කපන පිහියක්

ඔන්න ඔය ටික හොයාගෙන මෙන්න මේ පහල තියන පින්තුර වල ක්‍රමයට වැඩේ කරන්න මෙය මා විසින් 100% සාර්ථකව අත්හදා බලා ඇත. කිසියම් ගැටළුවක් ඇති වුවහොත්  Facebook මගින්  Udana Arunalu Dissanayake හෝ මගේ විද්‍යුත් තැපෑල මගින් කරුණු විමසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. සැ.යු :- මෙහි දක්වා ඇති සටහනේ දම් සහ නිල් වයර් සම්බන්දිත අග්‍ර පපෙර් නිෆ් එක බාවිතයෙන් මොඋසයේ පරිපතයෙන් වෙන් කරන්න










Saturday, April 25, 2015

Simple Line Following Robot රොබෝවෙක් හදමු

රොබෝවෙක් කියූ පමණින් හුදෙක් සිතට නැගෙන්නේ ඇත පය සහිත යාන්ත්‍රික මිනිස් රුවක් වැනි යන්ත්‍රයක් වුවත් රොබෝවෙක් තනියම දත්ත විශ්ලේෂණය කර වැඩ කරන ඕනෑම ආකාරයක උපකරණයක් විය හැකිය. මෙය ස්වයංක්‍රියව සුදු මතුපිටේ ඇති කළු පාට 3 cm පළල රේඛාව දිගේ ගමන් කරන ඉතාම සරල ප්‍රථමික මට්ටමේ රෝබෝවෙකි මේවා සදහා ශ්‍රීලංකාවේ විශ්ව විද්‍යාල මගින් පාසල් ළමුන් සදහා තරග පවා පවත්වයි. ******මේ සදහා ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන ප්‍රමාණවත් අවබෝධයක් අනිවාරයෙන් තැබිය යුතුයි.******* *******මෙහි සියල්ල තමා විසින් සීරුවෙන් සුසර 100% කරගත යුතුයි.******* මං හදපු ටිකක් දියුණු මෙවැනි රෝබෝවෙකුගේ වීඩියෝව මෙතනින් නරඹන්න **ලින්ක් එකෙන් එන පේජ් එකේ තප්පර 5 ක් ඉඳලා දකුනුපත්තේ උඩ skip ad ඔබන්න මෙන්න බලන්න වීඩියෝ එක
menna mekata daanna ona sensor මේ උපාංග ටික සටහනේ පරිදි එකලස් කරගෙන පරිපථය සපයා ගන්න ඇක්රලික් ශීට් වලින් ඍජුකෝණාසරය කපා ඉතුරු රුප දෙකේ පරිදි සකසා ගන්න. මා සදා ඇති රොබෝවන්ගේ පින්තුර බලා අදහස් අරගෙන සදා ගන්න වැඩි විස්තර අවශ්‍ය නම් හෝ C වලින් ලියු ෆයිල් එක වුවමනම් facebook හරහා පණිවිඩයක් ඒවා දැනගන්න නිම වූ පසුව මෙහි සෙන්සර් සුදු පසුබිකම තබා කළු පසුබිමට ගෙන ඒමේදී අදාල LED දැල්වීමෙන් පරික්ෂ කරගත හැක. C වලින් ලියු ෆයිල් එක වුවමනම් IC එකට HEX ෆයිල් එක මෙතනින් ගන්න **ලින්ක් එකෙන් එන පේජ් එකේ තප්පර 5 ක් ඉඳලා දකුනුපත්තේ උඩ skip ad ඔබන්න මේක ක්ලික් කරලා ගන්න ඔන්න එහෙනං හදලා බලන්නකෝ හදල අපිතත් පෙන්නන්න ඉතින්